young General training


අයි.සී.සී පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් පෙරලිකාර ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.

CopyAMP code CopyPlease update your ads.txt file with MGID lines. mgid.com, 161932, DIRECT, d4c29acad76ce94f

සිඩ්නි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4ක් දැවි ලකුණු 132ක් ලබා ගත්තා.

දීප්ති ෂර්මා නොදැවී ලකුණු 49යි.

ජෙස් ජොනසන් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 19.5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 115ක් පමණයි.

ඇලිස්සා හීලි ලකුණු 51යි.

පන්දු යැවීම් දී පූනාම් යාදාව් ලකුණු 19කට කඩුලු 4ක් බිද හෙලුවා.

ඒ අනුව මෙම තරගයෙන් ඉන්දියාවට ලකුණු 17ක ජයක් හිමි වුණා.

ඔස්ට්‍රේලියාව මේ වන විට ලෝක පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන අතර, ඉන්දියාව පසුවන්නේ 4 වන ස්ථානයේයි.

මීට පෙර සිව්වරක් ලෝක ශූරතාවය ජයගෙන ඇති ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ ද ශූරතාවය දිනා ගනු ඇති බවට අපේක්ෂා කරන කණ්ඩායම් අතර ඉදිරියෙන්ම පසු වනවා.

එවැනි තත්ත්වයක් යටතේ ඔස්ට්‍රේලියාව ලැබූ මෙම අනපේක්ෂිත පරාජය තරගාවලියේ උණුසුම තවදුරටත් වැඩි කිරීමට හේතු වනු ඇති බව දක්නට ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *