Kusal Janith Peters New Record

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පරාජයකට ලක්වූ අතර පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වූ පිටියක කුසල් පෙරේරා හැරෙන්නට අනෙකුත් පිතිකරුවන් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කලහ.

CopyAMP code CopyPlease update your ads.txt file with MGID lines. mgid.com, 161932, DIRECT, d4c29acad76ce94f

කුසල් හයේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 34 ක් රැස්කරන්නට සමත්වූ අතර එම ඉනිමත් සමගින් කුසල් පෙරේරා රෝහිත් ශර්මාගේ වාර්තාවක් පසුකර යන්නට සමත්වී ඇත.

ඒ විස්සයි විස්ස තරගවල ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තරගවලදී වැඩිම හයේ පහර ගණනේ වාර්තාවයි. මීට පෙර රෝහිත් ශර්මා විස්සයි විස්ස ඉනිම් 13 කදී ශ්‍රී ලංකාවට එරෙහිව හයේ පහර 14 ක් ලබාගෙන ඇත.

කුසල් පෙරේරා ඊයේ හයේ පහර 3 ත් සමගින් ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස ඉනිම් 7 කදී හයේ පහර 14 ක් එල්ල කරමින් රෝහිත් ශර්මාගේ වාර්තාව සම කරන්නට සම්ත්වූ අතර , රෝහිත්ට වඩා අඩු ඉනිම් ගණනකදී කුසල් හයේ පහර 14 වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *