Deploying intelligence officers is a success- A large number of fraudsters in public are trapped

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාල පරිශ‍්‍රය අවට තැරැව්කරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයින් 06 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

CopyAMP code CopyPlease update your ads.txt file with MGID lines. mgid.com, 161932, DIRECT, d4c29acad76ce94f

කෙටි වේලාවකදී රියදුරු බලපත‍්‍රයක් ලබාදෙන බව පවසමින් ඔවුන් එක් අයෙකුගෙන් රුපියල් 10,000 බැගින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

වැටලීම සිදු කර ඇත්තේ බුද්ධි නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරුවලට අනුවයි.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාල පරිශ‍්‍රය අවට තැරැව්කරුවන් ලෙස කටයුතු කරන තවත් අය පිළිබඳවද පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් පිළිබඳ විමර්ශන සිදුවන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්‍ෂණයක යෙදුණා. රියදුරු බලපත‍්‍ර ලබාගැනීමේදී පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන අපහසුතා ජනාධිපතිවරයා එහිදී සොයා බැලූ අතර එම අපහසුතා වළක්වාලීමට වහාම පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට එහිදී උපදෙස් ලබාදුන්නේ.

වංචාකරුවන හඳුනා ගැනීම සඳහා බුද්ධි නිලධාරීන් යෙදවීමට ද පසුව යෝජනා වුණා.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය පරිශ‍්‍රය අවට සිදුවන වංචා කලක් තිස්සේ කතා බහට ලක්වන ඒවායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *