Loading...

බංග්ලාදේශයෙනුත් ‘හතුරු’ හැලෙයි

Loading...

බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු වශයෙන් දකුණු අප‍්‍රිකානු ජාතික රසල් ඩොමින්ගෝ පත්වී තිබේ. වසර දෙකක් සඳහා අදාළ තනතුර ඩොමින්ගෝඩ ලබාදීමත් සමග චන්දික හතුරුසිංහට අදාළ අවස්ථාව අහිමිව තිබේ.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගාවලියෙන් අනතුරුව හතුරුසිංහ සමග සාකච්ඡුා කිරීමට බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපතිවරයා බලාපොරොත්තු වන බව පැවසුවද රසල් ඩොමින්ගෝඩ අදාළ අවස්ථාව ලබාදීමට ඔවුන් තීරණය කර තිබේ.

44 වැනි වියේ පසුවන රසල් ඩොමින්ගෝ ජාත්‍යන්තර හෝ පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කර නොමැති වුවද ඔහු සිව්වැනි අදියරේ පුහුණුකරුවකු වශයෙන් නමක් දිනාගෙන තිබේ. 2013 වසරේ සිට 2017 දක්වා දකුණු අප‍්‍රිකාවේ පුහුණුකරු වශයෙන්ද ඩොමින්ගෝ කටයුතු කර තිබේ.

‘මම බංග්ලාදේශ කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ දියුණුව සහ ඔවුන්ගේ දක්ෂතා දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයේ ඔවුන්ගේ දියුණුව දිහා මම ඕනෑ කමින් බලාගෙන හිටියා. ඒ වගේ කණ්ඩායමක් පුහුණු කිරීමට ලැබීම සතුටක්. ඔවුන්ගේ ඉලක්ක වලට මම උපරිම දායකත්වය ලබාදෙනවා.’’ යැයි ඩොමින්ගෝ අදාළ තනතුර භාර ගැනීමෙන් පසුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *