Loading...

එංගලන්තය අසරණ කල ස්මිත් අවුරුදු 17කට පසුව කල වැඩේ මෙන්න

Loading...

වසරක තහනමකට මුහුණ දීමෙන් පසුව, ටෙස්ට් පිටියට පැමිණි ස්ටීවන් ස්මිත් දෙවැනි ඉනිමේදීත් ශතකයක් ලබාගැනීම හේතුවෙන් අළුබඳුන තරගයේ වාසිය තමන් වෙත රඳවා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.බර්මින්හැම් නුවර, එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ මුල් ඉනිමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ ස්ටීවන් ස්මිත් ලබාගත් ලකුණු 144 හේතුවෙන් ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 284 ක් ලබාගැනීමට සමත් වුණා.මුලු ලකුණු සංඛ්‍යාව 331 දී ස්මිත් පිටියෙන් ඉවත් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 241 ක් ඉදිරියෙන් සිටියා.ස්මිත්ගේ පිතිහරඹයට අති විශිෂ්ට සහයෝගයක් දුන් ට්‍රැවිස් හෙඞ් ලකුණු 51 සහ මැතිව් වේඞ් නොදැවී ලකුණු 86ක් ලබාගනිමින් එංගලන්ත පන්දු යවන්නන් මහත් වෙහෙසට පත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *