Loading...

මැරතන් ඉනිම

Loading...

අද කියන්න යන්නේත් ඔහුගේ තවත් විශිෂ්ටතම ඉනිමක් ගැන.තරඟ 2000 ක් ඉක්ම ගිය ටෙස්ට් තරඟ ඉතිහාසයේ ක්රිඩකයකු ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු ප්රමාණයේ කතාව ..

” බ්රයන් ලාරා එංගලන්තය ට එරෙහිව රැස්කළ ලකුණු 400*”

2004 වර්ෂයේ එංගලන්තය කොදෙව් දූපත් බලා පියාසර කරන්නේ ටෙස්ට් හා එක්දින තරඟාවලියකට මුහුණ දීම සඳහායි..70-80 දශකයේ සිටම එංගලන්තය -කොදෙව් තරඟ වඩා උණුසුම් මුහුණුවරක් ගත්තා..

මුල් ටෙස්ට් තරඟ 3 ම කොදෙව්වන් මව්බිමේදී ම පරාජය වෙනවා.4 වන ටෙස්ට් තරඟයේ මුලින්ම පිති අතට ගත්තේ කොදෙව්වෝ…ඩැරන් ගංගා ගේ දැවී යාමත් සමඟ අංක 3 පිතිකරු ලෙස ලාරා පිටියට පැමිණෙන විට ලකුණු පුවරුව දැක්වුනේ 33-1 ක් ලෙස..

රාම්නේෂ් සර්වාන් සමඟ ද්විත්ව ශතක සබදතාවයක් පවත්වමින් ලාරා තම 7 වන දිවිත්ව ශතකය සම්පූර්ණ කළා..එංගලන්ත වේගපන්දු යවන්නන් ඇති පදමට වෙහෙස කරවු ලාරා 300,350 කඩයිම් පසු කර ගියේ තවත් යෝධ ඉනිමකට පෙර මං තනමින්

1994 දී ගාෆීල්ඩ් සෝබර්ස්ගේ ඉහළම ටෙස්ට් ලකුණු ප්රමාණය වාර්තාව බිදහෙළමින් ලාරා එය තම නම ඉදිරියේ සටහන් කරගත්තේය.එය ඔස්ට්රේලියානු පිතිකරුවෙක් වූ මැතිව් හේඩ්න් ලකුණු 380ක් ලබාගනිමින් බිඳහෙලීය..
නමුත් එම වාර්තාව දෙවන වතාවටත් තමාගේම කරගන්නට ලාරා ට හැකියාව ලැබිණි.

ඊට සුලු මොහොතකට පසුව මුලු ඇන්ටිගුවා පිටියේ ඔල්වරසන් හඬ මධ්යයේ ලාරා ඉතිහාසයේ ප්රතම සිව් ශතකය ලබාගත් ක්රිඩකයා විය.පන්දු 582 ක් පමණක් වැය වූ එම ඉනිමට හතරේ පහර 43ක් හා හයේ පහර 4 ක් අන්තර්ගතව තිබිනි..විනාඩි 770 ට අධික කාලයක් කඩුල්ලේ රැදිමින් ඔහූ පෑ වික්රමය බිදහෙළිමට සමත් ජගතෙකු එන තුරු ක්රිකට් ලෝලීන් වන අපි දෑස් දල්වා බලා සිටිමු.

-ක්රිෂාන් සම්පත්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *