Loading...

කුමාර් සංගක්කාර යනු කවුදැයි කියා ලොවක් හරියටම හද්‍රනාගත් තරගය

Loading...

ටෙස්ට් ලෝක ශූරතාවය අද වන විට කවුරැත් කතාබහ වෙන මාතෘකාවක්.
ටෙස්ට් ශූරතාවක් කියූ සැනින් මගේ හිත ඇදී යන්නේ 2002 වර්ෂය වෙත.
ආසියානු ටෙස්ට් ක්රිකට් ශූරතාවය 2002.
අවසන් වරට පැවති එම ශූරතාව දිනා ගැනීමේ වරම හිමිවූයේ ශ්රී ලංකාවටයි.
එය අප ලැබූ විශිෂ්ට ජයග්රහණයක්.
මනරම් ටෙස්ට් තරගයක්.
කුමාර් සංගක්කාර යනු කවුදැයි ලොවක් හරියටම හද්රනාගත් තරගය එයයි.

එසේ නම් අපි එම තරගය දෙසට හැරෙමු.

තරගය පැවැත්වූයේ ලාහෝරයේ ගඩාෆි ක්රීඩාංගනයේදීය. කාසිය වාසිය දිනාගත් ශ්රී ලංකා නායක සනත් ජයසූරිය තීරනය කලේ මුලින්ම පන්දු යැවීමටයි. පාකිස්තානු කන්ඩායමේ නායකයා වූයේ වකාර් යුනිස්ය. තරගයට සහභාගි වූ කන්ඩායම් දෙකේ ක්රීඩකයින් මෙසේය.

ශ්රී ලංකාව ??
මාවන් අතපත්තු
සනත් ජයසූරිය(c)
කුමාර් සංගක්කාර(wk)
මහේල ජයවර්ධන
රසල් ආනෝල්ඩ්
හෂාන් තිලකරත්න
තිලාන් සමරවීර
චමින්ද වාස්
චරිත බුද්ධික
නුවන් සොයිසා
මුත්තයියා මුරලිදරන්

පාකිස්තානය??
සහීඩ් අෆ්රිඩි
ටවුෆික් උමාර්
යුනිස් ඛාන්
ඉන්සමාම් උල්හක්
මොහොමඩ් යුසුෆ්
අබ්දුල් රසාක්
ෂොයිබ් මලික්
රෂීඩ් ලතීෆ්(wk)
වකාර් යුනිස්(c)
ෂොයිබ් අක්තාර්
මොහොමඩ් සාමි

පාකිස්තානයේ ඉනිම ආරම්භ කලේ අෆ්රිඩි සහ උමාර්ය. මුළු ලකුනු සංඛ්යාව 18 ක් වන විට උමාර් ලකුනු 6 කට දවාලීමට වාස් සමත් විය. ලකුනු 18 දීම අෆ්රිඩි ලකුනු 09 කට දුවද්දී දවාලීමට සමරවීර සංගා සුසංයෝගය සමත්වීම, තරගය ආරම්භ කර වැඩි වේලාවක් යන්නට මත්තෙන් අපිට වාසිදායික තත්වයක් නිර්මානය කල කරැනක් විය. කෙසේ නමුත් ඉන් අනතුරැව
ලකුනු 86 ක සම්බන්ධතාවක් පැවැත්වීමට යුනිස් ඉන්සමාම් යුගලය සමත් විය. පන්දු 66 කින් ලකුනු 46 ක් ලබා ගත් යුනිස්ව මුරලි දවා ගැනීමත් සමග එම සබඳතාවය බිඳ වැටුනි.

ඉන් අනතුරැව යොවුන් වේග පන්දු යවන්නා වූ චරිත බුද්ධික තරගයට අවතීර්න විය. මුළු ලකුනු සංඛ්යාව 108 වන විට ඉන්සිව ලකුනු 29 කටත්, මුළු ලකුනු සංඛ්යාව 127 වන විට යුසුෆ්ව ලකුනු 6 කටත් දවාලීමට ඔහු සමත් විය. 127/5 ලෙස දිස්වූ ලකුනු පුවරැවට තවත් ලකුනු 20 ක් එකතු වන විට රසාක්ව ලකුනු 24 කට දවාලන්නට වාස් සමත් විය. දැන් ලකුනු පුවරැව 147/6 යි. මුළු ලකුනු සංඛ්යාව 176 වන විට 7 වෙනි කඩුල්ල ලෙස මලික්ව ලකුනු 13 කට හරවා යැවීමට බුද්ධික සමත් විය. ඉන් අනතුරැව ලතීෆ් ලකුනු 36 ක් ලබා ගෙන වකාර්,අක්තාර් සමග යම් කිසි උත්සාහයක් ගත් නමුත් මුරලි පැමින ඔවුන් තිදෙනාම ගොදුර කර ගත්හ. ඒ අනුව පාකිස්තානු පලමු ඉනිම ලකුනු 234 කට සීමා විනි.
වාස් 62/2
බුද්ධික 84/3
මුරලි 55/4 ලෙස දස්කම් දක්වන ලදී.

පිලිතුරැ ඉනිම ආරම්භ කල ශ්රී ලංකාවේ ආරම්භය සුභ නොවීය. වකාර් ඉනිමේ යැවූ පලමු පන්දුවටම මාවන් ගොදුරැ විය. ඉන් අනතුරැව ජයසූරියට එකතු වූයේ නැගී එන තරැව වූ කුමාර් සංගක්කාරයි. මොවුන් දෙදෙනා එක්ව ගඩාෆි පිටිය වර්ණවත් කරන්නට විය. තරගයේ වාසිය තමන් දෙසට හරවා ගත් මොවුන් දෙදෙනා ලකුනු 203 අතිවිශිෂ්ට සම්බන්ධතාවයක් පැවැත්වීය. ජයසූරිය අවාසනාවන්ත ලෙස ලකුනු 88 කට දැවී ගියේය. අනතුරැව මහේල සමග එකතු වූ සංගා දිගටම අණසක පතුරැවන්නට විය. මොවුන් දෙදෙනා එක්ව 3 වෙනි කඩුල්ලට තවත් විශිෂ්ට ලකුනු 173 ක සම්බන්දතාවයක් පවත්වන්නට විය. මහේල ලකුනු 68 කට දැවී ගිය අතර ඒ වන විට ලකුනු පුවරැව 376/3 ලෙස දිස්විය. පන්දු 96 කට මුහුන දුන් මහේල 4 පහර 8 ක් හා එක් හයේ පහරක් එල්ල කලේය.

තම විශිෂ්ට ඉනිම දිගින් දිගටම ක්රීයාත්මක කරවූ සංගා තම මංගල ද්විත්ව ශතකය රැස් කිරීමට සමත් විය. ඒ සමගම සමස්ත ක්රිකට් ලෝකයේම ඇස සංගා වෙත යොමු විය. තවත් විශිෂ්ට ටෙස්ට් පිතිකරැවෙකු බිහිවෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරපු ඉනිම එය විය. පන්දු 327 කින් ලකුනු 230 ලබා ගත් සංගා 4 පහර 33 කින් හා 6 පහර 3 කින් තම ඉනිම වර්ණවත් කරන්නට විය. ආනෝල්ඩ් සමඟ එකතු වූ සංගා 4 වෙනි කඩුල්ලට ලකුනු 71 ක් එක් කරන්නට විය. කෙසේ නමුත් මුළු ලකුනු සංඛ්යාව 447 දී මොවුන් දෙදෙනාම දැවී ගියේය.

ආනෝල්ඩ් පන්දු 52 කින් ලකුනු 44 ලබා ගත්තේ 4 පහර 6 සමගිනි. ඉන් අනතුරැව සැදෑ ආරක්ෂක පිතිකරැ ලෙස පැමිනි වාස් සමග හෂාන් එකතු විය. තම ආරක්ෂක රාජකාරිය ඉටු කල වාස් ඉන් පසු දිනයේදී ආරක්ෂාව පසෙක දමා ආක්රමනය ආරම්භ කලේය. වාස් සහ හෂාන් 6 වෙනි කඩුල්ලට ලකුනු 51 ක් එක් කලේය. වාස් පන්දු 67 කදී අගනා ලකුනු 43 ක් රැස් කලේය. ලකුනු 501 දී 6 වෙනි කඩුල්ල ලෙස වාස් දැවී ගියේය ඉනිමේ අවසන් කඩුලු 4 ලකුනු 27 ඇතුලත දැවී ගිය අතර හෂාන් පන්දු 102 කදී නොදැවී ලකුනු 19 ලබා ගත්තේ ඉතා මන්දගාමී ආකාරයෙනි. එහි ප්රහාරක වේගය 18.62 විය. කෙසේ වෙතත් ලකුනු 528 ක විශාල ලකුනු සංඛ්යාවක් ලබා ගැනීමට ශ්රී ලංකාවට හැකි විය. කෙසේ නමුත් ශ්රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 3 පන්දු 3 ක් ඇතුලත දවා ගත් මොහොමඩ් සමී හැට්ට්රික් එකක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීම
වකාර් 123/1
අක්තාර් 114/2
සමී 120/4
රසාක් 82/3 ලෙස සටහන් විය.

ලකුනු 294 පිටිපසින් සිටි පාකිස්තානය දෙවෙනි ඉනිම අරඔන්නට විය. ලකුනු 31 වන විට උමාර්ව ලකුනු 19 කට දවාගත් වාස් කඩුල දඩයම අරඔන්නට විය. ලකුනු 66 වන විට යුනිස්ව ලකුනු 19 කට දවාලීමට සොයිසා සමත් විය. 3 වෙනි කඩුල්ලට ලකුනු 84 එක් කරන්නට අෆ්රිඩි ඉන්සමාම් සමත් වූ අතර පන්දු 111 කදී ලකුනු 70 ලබා ගත් අෆ්රිඩිගේ ඉනිම අවසන් කිරීමට මුරලි සමත් විය. මුළු ලකුනු සංඛ්යාව 150 දී 3 වෙනි කඩුල්ල ලෙස අෆ්රිඩි දැවී ගිය අතර, 4 වෙනි කඩුල්ල ලකුනු 166 දී යුසුෆ් ලකුනු 7 කටත්, 5 වෙනි කඩුල්ල 181 දී රසාක්ව ලකුනු 5 කට දවා ගනීමටත් මුරලි සමත් විය. මෙහිදී මුරලිගේ අති දක්ෂ පන්දු යැවීම කැපී පෙනුනි. 6 වෙනි කඩුල්ලට ඉන්සමාම් මලික් සමඟ එක්ව ලකුනු 100 එකතු කරමින් ඉනිම ගොඩ නැගීමට උත්සාහයක් ගන්නා ලදී.

ශතකය පෙනි පෙනී සිටි ඉන්සමාම්ව ලකුනු 99 කදී දවා ගැනීමට වාස් සමත් විය. එවිට ලකුනු පුවරැව 281/6 යි. පන්දු 228 ක් වැය කල ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් හා එක් හයේ පහරක් ඇතුලත් විය. එක ලඟ කඩුලු දවා ගැනීමේ සුවිශේෂී දක්ෂයෙකු වූ වාස් නවක පිතිකරැ ලෙස පැමිනි ලතීෆ්ව ලකුනු 2 කින් හරවා යැවීය. එවිට ලකුනු පුවරැව 285/7 යි
එයට තවත් ලකුනු 6 ක් එක්වෙද්දී 291 දී 8 වෙනි ගොදුර ලබා ගැනීමට සොයිසා සමත් විය. ඒ මලික් ලකුනු 21 කට දවාලමිනි. මලික් මෙම ලකුනු 21 සඳහා පන්දු 157 ක් වැය කල අතර පහර දීමේ වේගය 13.37 කි. එය හෂාන්ගේ ඉනිමටත් වඩා මන්දගාමී ඉනිමකි. 9 වෙනි කඩුල්ලට ලකුනු 30 ක් එක් කරන්නට නායක වකාර් හා අක්තාර් සමත් විය. මුළු ලකුනු 321 දී වකාර්ව ලකුනු 25 කට සීමා කරන්නට මුරලි නැවතත් සමත් විය. ඔහු පන්දු 28 කට මුහුන දී 4 පහර 4 ක් හා එක් හයේ පහරක් එල්ල කලේය. මුළු ලකුනු සංඛ්යාව 325 ක් වන විට පාකිස්තානයේ අවසන් කඩුල්ලත් දවා ගැනීමට ශ්රී ලංකාව සමත් විය.

ඉනිමේ පලමු කඩුල්ල දවාගෙන දඩයම ඇරඔූ වාස් විසින්ම අවසන් කඩුල්ලත් ගොදුරැ කර ගන්නා ලදී. සමීව ලකුනු බින්දුවකට දනා ගන්නට ඔහු සමත් විය. ශ්රී ලංකා ටෙස්ට් ක්රිකටි ඉතිහාසයට තවත් අමරණීය ජයක් එකතු කිරීමට අවශ්ය වූයේ තවත් ලකුනු 32 ක් පමනි. වාස් සහ මුරලි විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර සොයිසාගෙන් අනගි සහයක් ලැබිනි. පන්දු යැවීමේදී
වාස් 85/4
සොයිසා 54/2
මුරලි 72/4 ලෙස දස්කම් දැක්වීය.

ලකුනු 32 ක ඉලක්කය හඔා යෑමට මාවන් සනත් යුගලය පැමිනියහ. මෙවරත් මාවන්ට ලකුනු අතරට පැමිනීමට නොහැකි වූ අතර ඔහුව එක් ලකුනකට සමී දවාලීය. මුළු ලකුනු සංඛ්යාව 14 වන විට සනත්ව එක් ලකුනකට දනා ගැනීමට අක්තාර් සමත් විය. අනතුරැව පලමු ඉනිමේ අණසක පැතිර වූ සංගාට මහේල එකතු විය. ඔවුන් දෙදෙනා එක්ව ලකුනු 32 සීමාව පසුකර ගිය අතර විශිෂ්ට ජයග්රහනයක් ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ක්රීඩාවට එකතු විය. සංගා පන්දු 21 කින් නොදැවී ලකුනු 14 ක් ලබා ගත් අතර, මහේල පන්දු 7 කදී නොදැවී ලකුනු 12 ක් ලබා ගත්තේය.

තරගය පුරාම පිත්තෙන් අති විශිෂ්ට දස්කම් දැක්වූ සංගා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. ලකුනු වලට අමතරව උඩපන්දු 5 ක් ස්ටම්ප් කිරීමක් හා දුවද්දී දවා ලීමකට දායක විය.

හොඳම පිතිකරැ හා හොඳම පන්දු යවන්නා ලෙස තවත් සම්මාන 2 ක් පිරිනැමූ අතර,
හොඳම පිතිකරැ සම්මානයත් සංගාට හිමිවූ අතර හොඳම පන්දු යවන්නා සම්මානය මුරලි විසින් දිනා ගන්නා ලදී. මුරලි සුපුරැදු පරිදි තරගය පුරාම විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. ඉනිම දෙකේදීම ඔහු කඩුලු 8 ක් දවා ගන්නා ලදී. ඒ ආකාරයෙන් 2002 ආසියානු ටෙස්ට් ශූරතාවය ශ්රී ලංකාවට විශිෂ්ට ජයග්රහනයක් එක් කරමින් නිමාවට පත්විය.

මීට පෙර වසර වූ 2001 වසර ලාංකීය ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ වැදගත් වසරක් විය. සංචාරක ඉන්දීය කන්ඩායම සමග ටෙස්ට් තරගාවලිය 2=1 ලෙස ජය ගැනීමට ශ්රී ලංකාව සමත් විය. අස්ගිරියේ පැවති දෙවෙනි ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමේ අපේ පිතිකරැවන් අසාර්තක වූ නිසා 3=0 ක ජයක් අහිමි විය. කෙසේ නමුත් තරගාවලිය ජය ගැනීම විශිෂ්ට ජයග්රහනයකි.

ඉන් අනතුරැව පැවති සංචාරක කොදෙව් කන්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලිය 3=0 ලෙස ශ්රී ලංකාව ජයග්රහනය කල අතර ටෙස්ට් තරග 3 ක තරගමාලාවක් 3=0 ලෙස ශ්රී ලංකාව ජයගත් ප්රථම අවස්තාව එය විය. ඉන් නොනැවතී ඉන් අනතුරැව පැවති සංචාරක සිම්බාබ්වේ කන්ඩායම සමග පැවති ටෙස්ට් තරගමාලාවත් 3=0 ලෙස ජයගන්නට ශ්රී ලංකාව සමත් විය.

මෙම ජයග්රහන වලින් ලැබූ පන්නරය ආසියානු ටෙස්ට් ශූරතාව දිනා ගැනීමේදී ඉතා වැදගත් විය. මේ ජයග්රහන සියල්ලම නායක සනත් ජයසූරිය යටතේ සිදුවිනි.

එසේ නම් මෙම ලිපිය අවසන් කිරීමට මම සූදානම්. නැවත තවත් ලිපියකින් හමුවෙමු. ඔබ සැමට ජය.??❤️
Anuruddha Prasanga

Leave a Reply

Your email address will not be published. Required fields are marked *