මෙන්ඩිස්ට තිසරට අවස්ථාව නැහැ – ඉන්දියාව සමඟ 20-20 තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ලබන ජනවාරි මස තුන්වනදා ඉන්දියාව සමඟ අරම්භ වීමට නියමිත පන්දුවාර 20 තරඟාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර උපනායකත්වය හිමිව ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටයි.

CopyAMP code CopyPlease update your ads.txt file with MGID lines. mgid.com, 161932, DIRECT, d4c29acad76ce94f

කුසල් මෙන්ඩිස්ට සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට මෙම සංචිතයේ අවස්ථාවක් නොලැබීම විශේෂත්වයක්.දනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප්‍රනාන්දු, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, ඉසුරු උදාන, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත මෙම සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින්.

ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට පෙර පුහුණු තරඟාවලියක් ලෙස කණ්ඩායම් දෙකටම තරඟ 03 කින් සමන්විත මෙම තරඟාවලියට කණ්ඩායම් දෙකටම වැදගත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *