බිංදුවෙන් පටන්ගේන ඊමනි වලින් ලංකාවම හොල්ලපු නිහතමානී සොදුරු මිනිසා ලසන්ත වික්‍රිමසිංහ කියන අපුරු කතාව

“ඇත්තටම දියුණුවෙන මනුස්සයෙක්ට ඕනේ පරිගණකයක් සහ අන්තර්ජාල පහසුකම විතරයි.” මීට වසර කිහිපයකට පෙර මා කුතුහලයෙන් පිරවූ මේ වචන ඔහුගේ ජීවිත කතාවම සොයන්නට තරම් මා තුළ උනන්දුවක් ඇති කලා.වචනයේ පරිසමාප්තියෙන්ම ඔහු මා දුටු නිහතමානීම පුද්ගලයා බව කිව යුතුමයි.

CopyAMP code CopyPlease update your ads.txt file with MGID lines. mgid.com, 161932, DIRECT, d4c29acad76ce94f

මාතලේ විල්ගමුව ප්‍රදේශයේ උපත ලැබූ ඔහු නමින් ලසන්ත වික්‍රමසිංහ.රජයේ රැකියාවක නිරත වූ තම පියාගේ ස්ථාන මාරුවක් නිසා ඔහුට තම පවුලේ පිරිස සමග මහනුවරට පැමිණීමට සිදුවෙනවා.ප්‍රාථමික අධ්‍යාපනය මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් හදාරන ඔහු උසස්පෙළ සදහා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වෙනවා.

විභාගයක ප්‍රතිඵල වලින් මානසිකව ඇදවැටෙන අපේ තරුණ පිරිසට මේ කතාව ලොකු ආදර්ශයක්.පළමු වර ගණිත අංශයෙන් එක් සාමාන්‍ය සාමාර්ථයක් පමණක් ලබාගන්නා ඔහු දෙවන වර විෂයන් තුනම අසමත් වෙනවා.

කෙසේ හෝ රු.8000 පමණ මාසික වැටුපකට කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ රැකියාව කරන්න ඔහුට හැකිවෙනවා.මේ අතරතුර ඒ කාලයේදී තරුණ පිරිස එතරම් අවධානයක් නොදුන් online jobs පිළිබඳව අධ්‍යනය කරන්න ඔහු පෙළඹෙනවා.

“මුලින්ම මම fiverr පටන්ගත්තා.සතියකට ඩොලර් 5 ක් වගේ මුදලක් හොයන්න මට පුලුවන් වුනා.ඊට පස්සේ ඒකෙන් adsens පටන්ගත්තා.Domain වලට Hosting වලට අවශ්‍ය මුදල් හොයාගත්තේ fiverr කරලා.2005 ඉදන් 2008 වෙනකන් මම වෙබ් සයිට්ස් 300ක් විතර හදලා තිබුනා.”

“2008 වෙද්දි මට තනියෙන් ඒ දේවල් මැනේජ් කරගන්න බැරි වුනා.Content වලට , SEO කරන්න මුලින්ම දෙන්නෙක් වැඩට ගත්තා.Builtapps Business Solutions මුලින්ම පටන්ගත්තේ අපේ ගෙදර උඩ තට්ටුවේ.”අවුරුදු පහකට පස්සේ සයිට්ස් 1000 කට වැඩියෙන් අපි හදලා තිබුනා.”

වැඩ තවත් වැඩිවෙන්න වැඩි වෙන්න ඔහු කලේ මෙතෙක් කල් ඔහු කරපු රජයේ රැකියාවට සමු දී වෙනමම කාර්‍යාලයක් ආරම්භ කිරීමයි.ඒ වගේම පූර්ණකාලීනව freelance රැකියාව ආරම්භ කල ඔහු Software නිර්මාණයටත් යොමු වුනා.

“මට හැමතිස්සෙම ඕනේ වුනේ ලංකාවෙන් පිටතට දෙන්න දෙයක් නිෂ්පාදනය කරලා foreign currency ලංකාවට ගේන්න.මම ඒ අතර මගේ බිස්නස් එකට investers ලා හෙව්වා.අන්තිමේ Knowledge එකක් නැතුව කවුරුවත් invest කරන්නේ නෑ කියලා මම තේරුම් ගත්තා.”

“ඒත් මම උත්සාහය අත්හැරියේ නෑ.Proposals දෙසීයකට,තුන්සීයකට වඩා ලියලා තියනවා Company එක පටන්ගන්න අවුරුද්දකට කලින්.ඒත් එකසැරයක් යවපු Proposal එකකට අදාල Company එකෙන් කිව්වා invest කරන්න බෑ Projects දෙන්නම් කැමතිනම් කරන්න කියලා.”

“මුලින්ම පොඩි Project එකක් ආවා කරන්න.Developers ලා දෙන්නයි ඕනෙ වුනේ.නුවර මගේ Office එකේ මගේ අතින්ම සල්ලි දාලා ඒ Project එකේ වැඩ කලා.මාසයක් විතර වැඩ කරනකොට ඒ New Zealand team එක අපේ වැඩ ගැන satisfy වුනා.ඒගොල්ලෝ තව Projects තුනක් දුන්නා.තව developers ලා ගන්න කිව්වා.මාස දෙකක් යනකොට developers ලා අට දෙනෙක් වගේ අරන් තිබුනා.”

“ඊට පස්සේ ඊළඟ මාස තුන යන්කොට ඒගොල්ලෝ මට කතා කලා New Zealand වල අපේ Company එක Register කරන්න.ඒ වගේම ඔවුන් කිව්වා මාව shareholder කෙනෙක් විදියට ගන්නම් සහ ලංකාවේ අපේ බිස්නස් එකට invest කරන්නම් කියලා.”

“New Zealand ගිහින් ඒ වැඩ ටික ඉවර කරලා මෙහාට තව projects තුනක් විතර ගෙනාවා.තවත් මාස තුනක් වගේ යනකොට developers ලා 42 ක් වගේ මගේ ළග රැකියාවට ගත්තා.ඒ සල්ලි මැනේජ් කරලා තව Startup වලට support කලා.තවත් companies පහක් විතර පටන්ගත්තා.අවුරුද්දක් විතර ඇතුළත බින්දුවේ ඉදලා ලොකු දෙයක් කරන්න පුලුවන් වුනා.හැබැයි එක සැරේ එතෙන්ට එන්න පුලුවන් වුනේ නෑ.”

” ඔයාලටත් මොනවාහරි Startup idea එකක් තියනවානම් හැමෝම හිතනවා මේ කවුරුහරි ඇවිත් invest කරයි,සල්ලි දෙයි කියලා.ඒත් ඒක එහෙම වෙන්නේ නෑ.ගොඩක් අය කරන්නේ එතනින් එහාට ඉස්සරහට යන්න බැරි වුනාම,හිර වුනාම අතෑරලා දාන එක.මම කියන්නේ යන්න පාරක් නැත්නම් අපිට ඒක හදාගන්න පුලුවන්.”

“මමත් මුල ඉදලා සල්ලි තිබුන කෙනෙක් නෙවෙයි.ඒත් හම්බවුන සල්ලි හරියට කළමනාකරණය කරලා,මහන්සි වෙලා අවුරුද්දු පහළොවක් විතර තිස්සේ තමයි මේ දේවල් හදාගත්තේ.හැමෝටම යන්න ලේසියෙන් එක එක විදිහට පාරවල් හැදිලා තියෙන්නේ නෑ.තමන්ගේ පාර තමන් හදාගන්න ඕනේ.”

“දැනට අපේ team එකේ 75ක් විතර Office හයක වැඩ කරනවා.මහන්සියයි උනන්දුවයි තියනවානම් තමන් අද ඉදලා අවුරුද්දු පහක් හරි හයක් හරි ඉස්සරහට යනකොට තමන්ගේ හීන වලට යන්න පුලුවන්.මහන්සිවෙලා වැඩ කලොත් ඒ දේවල්වල ප්‍රතිඵල අනිවාර්යයෙන් තියනවා.”

අද වන විට ඔහු ආයතන කිහිපයකම හිමිකරුවෙක්.ඒ වගේම රටට විදේශ විනිමය රැගෙන එන සාර්ථක ව්‍යවසායකයෙක්.සාමාජිකයින් 70000කට අධික අන්තර්ජාල ව්‍යවසායකයින්ගේ සමූහයේ ආරම්භක ව්‍යවසායකයයායි.එමෙන්ම ශ්‍රී ලංකාවේ නිල payoneer සන්නාම තානාපතිවරයාද ඔහුයි.

Lasantha Wickramasinghe
Lasantha Wickramasinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *