ඉතාලියේ පැය 24ක් තුළ කොරෝනා මරණ 627ක් – ලොව පුරා මරණ 11,000 ඉක්මවයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දැඩි පියවර රැසක් ගෙන තිබියදී යුරෝපයේ එම වෛරසයට දරුණුතම ලෙස ගොදුරු වූ ඉතාලියේ ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 627 දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

CopyAMP code CopyPlease update your ads.txt file with MGID lines. mgid.com, 161932, DIRECT, d4c29acad76ce94f

එය දිනක් තුළ ලොව කොතැනක හෝ සිදුවූ වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාවයි.

වෛසරයෙන් වැඩිම බලපෑමක් සිදුවී ඇති උතුරුදිග ඉතාලියේ ලොම්බාඩි කලාපයේ මරණ සංඛ්‍යාව සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, එලෙස මිය ගිය වැඩි පිරිසක් වයස්ගත වූවන් බව සඳහන්.

ඉතාලියේ බොහෝ ප්‍රදේශ මේ වන විට වසා දමා ඇති අතර, දැඩි සීමාවන් නොතකා ඇතැම් පිරිස් වීථිවල සැරි සැරීම එරට බලධාරීන්ට ගැටළුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.

නවතම පියවරවලට අනුව ව්‍යායාම් සඳහා ඇවිදීම, බයිසිකල් පැදීම ඇතුළු සියළුම ආකාරයේ බාහිර ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා.

ඉතාලිය මේ වන විට චීනය අභිබවා ලොව වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට වන අතර එරට සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 4032ක්. එමෙන්ම, ඉතාලියේ 47,021 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඉරානයේ කොවිඩ් නයින්ටීන් මරණ 1433ක් වාර්තා වන අතර, චීනය, ඉතාලිය සහ ඉරානය හැරුණු කොට ස්පාඤ්ඤය ද කොරෝනා වෛරස් මරණ දහස ඉක්ම වූ සිව් වන රට බවට ඊයේ පත්වුණා.

ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොවිඞ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 1043ක් වන අතර, එරට ආසාදිත සංඛ්‍යාව 20,410ක්.

කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 11,310ක් වන අතර මුළු ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ 72,351ක්.

මරණ 177ක් සහ ආසාදිතයන් 19,101ක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදය ද වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට පියවර රැසක් ගෙන තිබෙනවා.

එරට ජනාකීර්ණතම ප්‍රාන්තය වන කැලිෆෝනියාවේ වැසියන්ට නිවසේ සිට සේවය කරන ලෙස ඊයේ දැනුම් දීමක් කළේ ඒ අනුවයි.

ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ සිව් දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති අතර, ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ පවුලේ උත්සව අවස්ථාවකට එක්වීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *