සුන්දර හන්තානත් විනාසයි විල්පත්තුවට කල දේම හන්තානටත් සිදුවෙයිද…? බලදාරීන්ගේ අනුදැනුම මත ලදු කැලෑ සියල්ල විනාස කරයි

Loading...

විල්පත්තුවට නොදෙවෙනි විනාශයක් හන්තානේ… කම්කරුවන්ට ඉඩම් ලබාදෙන මුවාවෙන් මහා පරිමාන ඉඩම් මංකොල්ලයක්
විල්පත්තු විනාශය දෙවෙනි වෙයි… සුන්දර හන්තාන ට කරන මහා විනාශය මෙන්න.
මධ්‍යම පරිසර අධිකාරිය මර නින්දේ…. මහා ජල මුලාශ්‍ර, ලඳු කැලැ විනාශයි.

සුන්දර ශ්‍රී ලංකාවේ රමණීය කඳුවැටි අතර අතීතයේදීත්, පරිසර විනාශයකට ගොදුරුවූවත් වර්තමානයේදීත් සුන්දර කඳුවැටියක්‌ ලෙස දිස්‌වන හන්තාන කඳුවැටිය මහනුවර නගරයේ සිට ගලහ නගරය දක්‌වා දිවෙන පරිසර පද්ධතියයි.

මෙම පරිසර පද්ධති ගඟවට පාතහේවාහැට, උඩපලාත සහ දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස වලට අයත්වෙයි. මහවැලි ගඟේ ඉතාමත් වැදගත් ජලපෝෂක ප්‍රදේශයලෙ කඳුවැටියේ බටහිර බෑවුම් ක්‍රියාකරයි.

මුහුදු මට්‌ටමේ සිට මීටර් 1240 ක්‌ පමණ උපරිම උසකින් පිහිටි මෙම කඳුවැටිය එකිනෙකට වෙන්වී ඇත්තේ මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලිනි.

මහවැලි ගඟේ ජලපෝෂක ප්‍රදේශයක්‌ බැවින් මෙම කඳුවැටිය මුල්කර මහඔය, ගැරඬිඔය, දොඩම් ගොල්ල ඔය, කුඩා ඔය වැනි අතුගංගා හා ඇළමාර්ග රැසක්‌ ගලාබසී
නමුත් දැන් තත්වය ඊට හාත් පසින්ම වෙස්ව ඇත හරිත පරිකරයක වටිනා කම නොදන්නා තම පුද්ගලික සුඛ විවරණය වෙනුවෙන් වැදු මව වන් මේ සිරිලකේ සුන්දර පරිසරය නීතියට පටහඩිව හොටස් කර විකුණා කෑමට සැරසෙන අමනයන් පිරිසක් ගැනයි මේ කතාව

ලංකාවේ අතිශය සුන්දර පරිසරය රැකගැනීම අප කාගේත් වගකීමක්. ලංකාවේ වනාන්තර හෙළි පෙහෙළි කර, අවිධිමත් පාරසරික ක්‍රියා නිසා පෙර නොවූ ස්වභාවික විපත් වලට අපට මුහුණ දීමට සිදුව තිබෙනවා. මහා ගැන වතුර, නාය යෑම් ඔබ අප ඇත විඳිනවා. ඉන් සිදුවන විනාශය ඇත දකිනවා.
කෙසේ වෙතත් අපි ශ්‍රී ලංකා වාසි , අපි අද ගෙන එන්නේ පරිසරයට ඇත්තටම ආදරය කරන ඔබ ගේ හදවත මොහොතකට නතර වන , දැවැන්ත පරිසර විනාශයක් ගැනයි.

හන්තාන…….හැමදාමත් අතීතයේ සිටම ප්‍රේමවන්තයන්ගේ කතා වල කොටස්කාරයෙක් වූ, දකින දසුනෙන් පවා මානව සිත් පිනවාලන, මහනුවර නගරයේ ප්‍රධානතම ජලමුලශ්‍ර පෝෂණය කරන, මහනුවර නගරය ආරක්ෂා කරන, එදා රජ දවස පටන් මහා තුරු ගොමු වලින් ආරක්‍ෂිත ලංකාවේ රමනීයම කඳුකරයයි.

මීට වසර කිහිපයකට පෙර අතිශය අලංකාරවත් තේ වගා භූමියක් වූ හන්තාන අද , කෝටිපතියන්ගේ කෙලි භූමියක්ව ඇත.

දේශපාලඥයන්, සහ හන්තාන වතු පාලනාධිකාරිය එක්ව මේ වටිනා භුමිය හිතු මතේ විකුණා දමමින් සිටියි. මේ ගැන මාධ්‍ය වාර්තා කරන්නේද නැති තරම්. රුපියලට දෙකට ඔවුන් හැම දෙනාම පාවා දෙන්නේ අනාගත දරු පරම පරාවේ උරුමයයි. මහා සම්පතයි.

හන්තාන ඉඩම් මංකොල්ලය ගැන අපි අද ඔබ වෙත ගෙන එන්නේ අමුතුම කතාවක්…
හන්තාන පරිසරය රැක ගැනීමට ස්වෙච්චා සංවිධාන දරන වෙහෙස ගැන මතක් කල යුතුමයි. ඒ අනුව හන්තානට සිදුවන විනාශය ගැන කල සටනින් පසු ජනපතිවරයාගේ මුලිකත්වයෙන් හන්තාන ඉඩම් සංවර්ධනය සහ පසු විපරුම ගැන අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වනවා. මෙහි බලතල ප්‍රධාන වශයෙන් ක්රියාත්ම කිරීමේ බලය හිමිවන්නේ මධ්‍යම පරිසර අධිකාරිටය

ඒ අනුව මුහුදු මට්ටමේ සිට උස අඩි 2500ට ඉහල ඉදිකිරීම් තහනම් කල අතර, ඊට පහල ඉදිකිරීම් සඳහා ද මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය අවශ්‍ය වුනා. කෙසේ වෙතත් මෙම ගැසට් පත්‍රයෙන් නියම වූ රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකර හන්තාන ඉඩම් මංකොල්ලය තවමත් සිදුවනවා. අක්කර ගණනින් එය සිදුවනවා. මීට උදව් කරන්නේ හන්තාන වතු පාලකවරයා ප්‍රමුඛ වගකිවයුතු නිලධාරින් වග පැහැදිලියි. වතු අධිකාරිවරයා තම බලය උපරිමයෙන් යොදවන්නේ හන්තාන සතු සම්පත් විකුණා දැමීම සඳහා අවශ්‍ය වටපිටාව සකසමි

මේ අතර වතු කම්කරුවන්ට පර්චස් හතක ඉඩම් කැබැල්ලක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම කරලියට පැමිණේ. මෙය පනින රිලවුන්ට ඉනිමන් බැඳීමක් වුනා. හන්තාන වතු අධිකාරීවරයා, ප්‍රාදේශීය දේශපාලඥයින් සහ තවත් නිලධාරීන් එක්ව හන්තාන කම් කරුවන්ට ඉඩම් බෙදීම කෙසේ වෙතත්, තම හිතවතුන්ට ඉඩම් කැබලි බෙදා ගැනීම ජයට සිදු කරගෙන ගියා. මේ නිසාම හන්තාන කම්කරුවන් උද්ඝෝෂණය කිරීමටත් විරෝධය ඉදිරිපත් කිරීමටත් පෙළඹුනා. එය අදටත් නොවිසිඳුණු ගැටළුවක් බවට පත්වෙලා. අගමැති තුමා සහ ප්‍රබල ඇමතිවරුන් හන්තානට පැමිණ කම්කරුවන්ට ඉඩම් ලබා දීම සඳහා මහා උත්සවයක් පවත් වූ නමුත් අද වන්නේ කුමක්ද?….. මෙන්න මෙතනින් අපේ කතාව ආරම්භ කරමු….

කම්කරුවන්ට ඉඩම් ලබාදීම පසෙක ලා දැන් ඔවුන් මහා වෙහෙසක් දරන්නේ කාර්ය මණ්ඩලයට ඉඩම් ලබාදීම කරලියට ගෙන, ඒ සඳහා හන්තාන ප්‍රදේශයේ අතිශය වටිනාකමින් යුත් , හන්තාන පහල කොටස මහනුවර නගරය තදාසන්නයේ රමණීය ප්‍රදේශය හෙළි පෙහෙළි කර, ඒ අවට විශාල ඉඩම් ප්‍රමාණයක් විකුණා දැමීමටය.

මේ සඳහා ප්‍රධානත්වය ගෙන ඇත්තේ හන්තාන වතු අධිකාරීවරයාය. මීට පෙර මේ ඉඩම් ලබාදීමට යෝජිත ඉඩම අවට ඉඩම් අක්කර ගණනක් සඳහා විවිධ පාර්ශව හොර ඔප්පු සකසා ඉඩම් විකිණීමට ගොස් අත් හිටවූ ඉඩම් සහිතය. මොවුන් මේ වෙර දරන්නේ එම ඉඩම් විකිණීමට අදාළ යටිතල පහසුකම් ඉදිකිරීමටය. අඩි 30ක් පමණ පළල මාර්ග තනමින්, ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජලමුලශ්‍ර විනාශ කරමින් සිටියි. නමුත් ඉහත කී හන්තාන ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවලට අදාළ අනුමැතිය මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා නොගෙන මහා පරිසර විනාශයක් සිදු කරමින් සිටිට්යි. මේ ගැන මධ්‍යම පරසර අධිකාරියට පැමිණිලි ඉදිරිපත්වන නමුත්, ක්‍රියාත්මක කිරීම් ප්‍රමාද කරමින් සිටිනවා.

මේ සම්බන්ධව හන්තාන සුරකීමේ සංවිධානයේ උපදේශක අනුර කුමාර ගෝනවල මහතා සහ එහි ප්‍රධාන නිල ලත්, අමිත් වීරසිංහ මහතා මහනුවර පොලිසියට පැමිණිලි කර ඇත. හන්තානට කරන මේ මහා විනාශය පිටුපස ඇත්තේ අවට ඉඩම් කොටිගනනකට විකිණීමට අදාල මහා මාර්ග, ජල පහසුව, විදුලි බලය ලබාදීමයි. මේ සඳහා හන්තාන වතුයායේ සහ අවට වතුවල නිලධාරීන්ට ඉඩම් ලබාදීම කරලියට පෙන්වයි.

හන්තාන වතු අධිකාරීවරයා පොලිසිය පවා නොමග යවා මෙම වන විනාශය තවමත් කරමින් සිටිනවා.
හන්තාන සුරකීමේ සංවිධානයේ උපදේශක අනුරකුමාර ගෝනවල මහතා සහ අමිත් වීරසිංහ මහතා මෙම ස්ථානයට පැමිනෙනේ විටත් ඩෝසර් මගින් ජලමුලශ්‍ර විනාශ කරමින් ඉදිකිරීම් සිදුවෙමින් පැවතියා. ඔවුන් මේ සම්බන්ධ අනුමැතිය ගැන විමසු විට වතු අධිකාරීවරයා නොපැමිණ, කාර්ය මණ්ඩල සේවකයන් එම ස්ථානයට කැඳවා බාධා පමුණුවන ලදී.

මේ විනාශයට සම්බන්ධ රාජ්‍ය ආයතන ගැනද වාර්තා වෙමින් පවතිනවා. එමෙන්ම මීට විරුද්ධ වන ප්‍රදේශවාසීන්ට තර්ජනය කිරීමට හන්තාන වතු නිලධාරීන් පෙලබී තිබෙනවා. ඔවුන් පවසන්නේ මීට විරුද්ධ වන ප්‍රදේශවාසීන්ට අදාළ පර්චස් හතක ඉඩම ලබා නොදෙන ලෙසයි.

රටේ වනාන්තර හෙළිපෙහෙළි කිරීමට මහා විරෝධයක් දක්වන ජනපති තුමන් මෙවැනි තත්වයක් හමුවේ මීට මැදිහත් නොවන්නේ මන්දැයි අපට ඇත්තේ විශ්මයකි, පරිසරවේදීන්, පරිසර සංවිධාන සහ සිවිල් වැසියන් ලෙස ඔබට මීට මැදිහත් වීමට හැකියාව ඇත. මන්ද මේ රට අපේය. මේ රටේ මේ සා වටිනා සම්පත් රැකගෙන අනාගත පරම්පරාවට දායාද කිරීම අපගේ වගකීමයි.

මේ නීති විරෝධී ක්‍රියාව නැවැත්විය යුතුය. එමෙන්ම හන්තාන වතුයායේ සේවක මහතුන්ට මෙන්ම කම්කරුවන්ට සුදුසු ස්ථාන වලින් සාධාරණ ලෙස ඉඩම් ලබාදීම ද කල යුතු බව අවධාරණය කරමු. එමෙන්ම ඊට මුවා වී ඉඩම් තම හිතවතුන්ට බෙදා දීම සහ විකිණීමට අදාළ හන්තාන වතු නිලධාරීන් මෙන්ම, දේශපානඥයන් ට විරුද්ධව මහා ජන පවුරක් අත්වැල් බැඳගත යුතුය.

මෙහි වීඩියෝ දර්ශන හැකි ඉක්මනින් ඔබ වෙත ගෙන ඒමට අප සුදානම්….

ඔබත් මේ බිමට ආදරය කරන මිනිසේකුනම් මෙය share කර හැමෝම දැනුවත් කරන්න.

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *