ශ්‍රී ලංකා පිළේ අලුත් තරුව කමිදු මෙන්ඩිස්.

Loading...

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග සියල්ල මේවන විට අවසන්  වි ඇත.

ඉන් තරග බොහොමයක ජයග්‍රහණ අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායමට හැකි වූ අතර අවසන් එක් දින තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් නින්දෙන් අවදි කිරීමට සමත්වූවා පමණක් නොව එහිදී නව වාර්තාවක් පිහිටුවීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මෙම  එක් දින තරගාවලිය 3-1 වශයෙන් ප්‍රබල එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය ලබාගත්තද එංගලන්ත කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවකින් පරාජය කිරීමත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 366 ලබා ගැනීමත් විශේෂත්වයන් විය.එක් දින ශේ්‍රණිගත කිරීමට අනුව ප්‍රථමස්ථානයේ සිටින එංගලන්ත ක්‍රිකට්  කණ්ඩායම සමග ශ්‍රී ලංකාව මීළඟට ටෙස්ට් තරග තුනකට මුහුණ දීමට සූදානම් වියයුතුය. ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතෙන්ම එක්වුණු පැස්කුවල් හැන්ඩ් කමිඳු දිලන්ත මෙන්ඩිස් තවමත් වයස අවුරුදු විස්සක තරුණයෙකි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ  ක්‍රිකට් ක්‍රීඩකයෙකු  වූ ඔහුට මෙවර ටෙස්ට් වරම් හිමි විය යුතු බව මෙරට ක්‍රිකට් විචාරකයින්ගේ මෙන්ම විදෙස් ක්‍රිකට් විස්තර විචාරකයින්ගේ අදහස වී තිබේ.

කමිඳු සතු සුවිශේෂි හැකියාව ලෙස සඳහන් කළ හැක්කේ පන්දු යැවීමේදී ඉතා හොඳින් දෑතින්ම දඟ පන්දු යැවීමය. එහිදී එක සමානව වමත් සහ දකුණත් දඟ පන්දු යැවීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී අසාමාන්‍ය දසුනකි.

පිතිකරුවකු ලෙස දහනවයෙන් පහළ සහ කනිෂ්ඨ ජාත්‍යන්තර  ක්‍රිකට් තරගවලදී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකයා වූයේද කමිඳුය.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් එක් දින තරග 06 කට සහභාගි වී ඉනිම 05කදී ලකුණු 182 ලබා ගෙන ඇති අතර එහිදී ඔහුගේ හොඳම ඉනිම ලකුණු 61ක් ලෙස සටහන් තබා ඇත. ඔහුගේ ලකුණ ලබා ගැනීමේසාමන්‍ය 36.40කි. එලෙසම 20-20 තරග 6කදී ඉනිම 04කට මුහුණ දී ලකුණු 59 ලබාගෙන ඇත.

පන්දුව මෙන්ම පිත්තද එක ලෙස හුරු ක්‍රීඩකයින් ඕනෑම ක්‍රිකට් කණ්ඩායමක  මිල කළ නොහැකි සම්පත්ය. එම නිසා කණ්ඩායම තුළ රැඳී සිටීමේ වැඩි ප්‍රවණතාවක්  එවැනි ක්‍රීඩකයින්ට නිතැතින්ම හිමිය.

තවද විශේෂයෙන්ම ශ්‍රී ලංකා පි‍ලේ සුපිරි දඟ පන්දු යවන්නා වූ රංගන හේරත් එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු සමුගන්නා බැවින් ඉන් ඇතිවන පුරප්පාඩුව පිරවීමට කමිඳුට ලැබි ඇත්තේ කදිම අවස්ථාවකි.

ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ තෙවැනි ස්ථානයේ පසුවන එංගලන්තය සමග හයවැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා පිලට එක්වීමට කමිඳුට අවස්ථාව ලැබුණහොත් එයද ඔහුට කදිම අත්දැකීමක් වනු ඇත.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *