මාලිංග ගැන සතුටුවෙද්දී ‘සනත් – අරවින්ද’ කණ්ඩායමට රතු එළි දල්වමින් කියු කතාව මෙන්න..

Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී ඇති ගැටලු විසඳා ගැනීමට කටයුතු නොකළහොත් කණ්ඩායම විශාල අවධානමකට මුහුණ දෙනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය හින්දුස්ථාන් ටයිම්ස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමීන් ප්‍රකාශ කර තිබේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් ලෙසද කටයුතු කරමින් සිටින සනත් තරගාවලියේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජය පිළිබඳව අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

“ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය දැකීම හරිම වේදනාවක්. මේ අවස්ථාවේදී අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ආඩම්බර වෙන්න බෑ. ඔබ පරාජය වෙන විට පීඩනයක් තිබෙනවා. නමුත් ඔබ එය ග්‍රහණය කර ගත යුතු වෙනවා. මම හිතන්නේ නෑ දැන් එය වෙනවා කියලා.

මේ ඒ අවස්ථාවෙන් පිටතට එන්න හොඳ වෙලාවයි.මොකද ඒක මීට වඩා නරක වෙන්න බෑ. අපි මුහුණ දී ඇති ගැටලු සඳහා විසඳුම් සොයාගත නොගතහොත් අපිට ඉදිරියේදී විශාල ගැටලුවකට මුහුණදීමට සිදුවේවි. ශූරයන්ගේ කුසලානයට ක්‍රීඩා කරන්නේ කණ්ඩායම් 08 යි.ලෝක කුසලානයට ක්‍රිඩා කරන්නේ කණ්ඩායම් 10යි. අපි ගැටලු විසඳා නොගතහොත් අනාගතයේදී එම තරගාවලි අපිට අහිමි වේවි. ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ රටවල් දැන් වෘත්තීයභාවය පෙන්වනවා.

මේ දවස්වල අපිට කිසිම කණ්ඩායමක් සැහැල්ලුවෙන් ගන්න බෑ. කුඩා කණ්ඩායම් වේගයෙන් දියුණුවෙනවා. ඔවුන් අභියෝගයක්. අපේ අංශ තුනින්ම අපි පහළට ගොස් තිබෙනවා. ශාරීරික යෝග්‍යතාවත් මට විශාල ප්‍රශ්ණයක්.”

මේ අතර හිටපු නායක අරවින්ද ද සිල්වාද එම පුවත්පත සමග අදහස් දක්වමින් පවසා සිටියේ මෙවන් අදහසකි.

‘පරාජය කියන්නේ තරගයක කොටසක්..නමුත් කණගාටුවට කරුණක් වෙන්නේ අපේ උපායමාර්ග හරි හැටි ක‍්‍රියාත්මක නොකල එක ගැන..ඔවුන්ට කිසිම අදහසක් තිබුනේ නෑ මොනවද කරන්නේ කියලා..නිසි දිශාව සහ පැහැදිලි භාවයක් නෑ..පිතිකරණය අවුල් සහගතයි..අපි එක් එක් පිතිකරුවාට වගකීමක් සහ ඔවුන්ගේ අනුපිළිවෙල සකසන්න ඔ්න..මොකද ලෝක කුසලානයට තව මාස 09යි තියෙන්නේ..මම දැක්ක වැරැුද්දක් තමයි කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවා ලෙස ක‍්‍රිඩා කරන එක..ඔවුගේ තාක්ෂණයයි ගැලපෙන්නේ නොම්මර 04 වගේ තැනකට..ඔවුන් ඔහුගේ ශක්තිය තේරුම් ගත යුතුයි..මට සතුටුයි ලසිත් මාලිංග යලි කණ්ඩායමට පැමිණීම ගැන..අපි සියලු දේ ගැන විෂ්ලේෂණය කරලා ඉදිරියට යා යුතුයි..’

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *