දේශපාලන උණුසුම් පුවත් මවද්දී රනිල් වික්‍රමසිංහගේ බිරිද ගැන බුකියෙන් ඇහෙන අලුත් කතාව

Loading...

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය යනු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ බිරියයි.නිදහස් මත දරන්නියක ලෙස ප්‍රකට මෙෙත්‍රී වික්‍රමසිංහ කැළණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරියකි.

මුලික උපාධි ලෙස ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ගෞරව උපාධිය කීර්තිමත් ලන්ඩන් කින්ග්ස් සරසවියෙන් ලබා ගත් ඇය ඉන්පසු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ස්ත්‍රී අධ්‍යයනය පිළිබඳ එම්. ඒ . උපාධිය ලබා ගත්තාය. ඉන්පසු ආචාර්ය උපාධියට ෆෙමිනිස්ට් රිචර්ඩ් මෙතොලොජි ශ්‍රී ලංකා නිබන්ධනය ඉදිරිපත් කරමින් University of London හි ආචාර්ය උපාධිය ලබා ගත්තාය..

එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥවරියක් වන ඇය කැළණිය විශ්ව විද්‍යාලයට අමතරව අමෙරිකාව, ස්පාඤ්ඤය, ඉන්දියාව, චීනය, පකිස්ථානය, කෙන්යාව හා දකුණු කොරියාව යන රටවල දේශන පවත්වන ලොව පිළිගත් ප්‍රකට මහාචාර්යවරියකි.. එමෙන්ම ඇය විසින් රචිත ග්‍රන්ථ කිහිපයක් ද වේ.

විපක්ෂ නායක බිරිඳ ලෙස සිටියදීත්, හිටපු අගමැති ආර්යාව ලෙසත් කිසිදිනෙක දේශපාලන වාසි තම වාසියටත් එය තව අයෙකුගේ ප්‍රයෝජනය සඳහාවත් භාවිත නොකල ඇය.

සැමදා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගේ මහාචාර්යවරිය ලෙස පමණක් පෙනීසිටිම, හරහා මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය උගත් පාඩමක් තම චරිතය මගින් සියලු දේශපාලන බිරිඳෑවරුන්ට ලබා දී තිබේ. එය කිසිවකුට නොපෙනීම කණගාටුවට කරුණකි..

ඇය පිළිබදව මුහුණුපොතේ එක්තරා විදියක සටහනක තබා තිබෙනවා.එම සටහන සහ ජයාරූප පහතින් නරඹන්න

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *