ඛනිජ තෙල් සංස්ථාවේ සිරවී සිටි ඇමති අර්ජුණ බේරා ගත් STF මෙහෙයුම.. අර්ජුන නුලෙන් බේරුන හැටි මෙන්න

Loading...

සිපෙට්කෝ පරිශ්‍රයේ සිරවී සිටි අමාත්‍ය අර්ජුණ රණතුංග මිට සුළු මොහොතකට පෙර ඉන් නිරුපද්‍රිතව බේරා පිටතට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇති බව වාර්තා වනවා.

එම පරිශ්‍රය ඉදිරිපිට විශාල විරෝධතාකරුවන් පිරිසක් රැස්ව විරෝධතාවයේ යෙදී සිටියා.

කාර්යාලය තුල සිටි අමාත්‍යවරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇදුමක් අන්දවා ඉන් පිටතට රැගෙන යාමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගත් බවයි වාර්තා වන්නේ.

මේ අතර අර්ජුණ රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිළධාරියාගේ පහරින් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

මේ වන විට එම සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනෙක් ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඇමති ආරක්ෂක නිළධාරියා මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර තත්ත්වය පාලනය කිරීමට මේ වන විට පොලිසිය යොදවා තිබෙනවා.

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *