කුඩු කප්පිත්තන්ගේ දේශපාලන බලයට යට නොවූ පොලිස් විරුවා

Loading...

කුඩු කප්පිත්තන්ගේ දේශපාලන බලයට යට නොවූ පොලිස් විරුවා
—————————————————————————–
ශ්‍රී ලංකාවේ මත් කුඩු වසංගතය බිළි ගත් තරුණ ජීවිත ගණන සුලු පටු නැත. එලෙසින් වෙනත් ජීවිත විනාස වුවද මත් කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයන් මෙම ජාවාරමෙන් කෝටිපතියන් වී සිටියි. මත්කුඩු ජාවාරම්කරුවන් අතර දේශපාලකයන්, මැති ඇමතීන්, කෝටිපති ව්‍යාපාරිකයන් සිටියි.

මෙම ජාවාරම්කරුවන් සිය මුදල්, දේශපාලන බලය භාවිතා කරමින් මත්කුඩු ජාවාරම සිදු කරගෙන යයි. තමන්ට එරෙහිවන නිළධාරීන් මුදල් දී නිහඩ කිරීමද මෙම ජාවාරම්කරුවන් සිදු කරයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ එලෙස මුදලට ගත නොහැකි වූ මත්ද්‍රව්‍ය නාශක පොලිස් නිළධාරියෙකු පිළිබද පුවත් පසුගිය කාළයේ නිරතුරුවම වාර්තා වුයේය.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව‍යි. නිර්භීත, නොසැලෙන නිළධාරියෙක් ලෙස ප්‍රසිද්ධ නියෝමාල් රංගජීව හැප්පුනේ සුලු කුඩ්ඩන් සමග හෝ අසරණ මිනිසුන් සමග නොවේ. කුඩු ජාවාරම ඉහළින්ම සිදු කරනා කුඩු ජාවාරම්කරුවන් සමගයි. ඔවුන්ගේ මුදලට මිලට ගත නොහැකි වූ නියෝමාල් කුඩු කපිත්තන්ගේ දේශපාලන බලයට සහ පාතාල බලයට කිසි විටෙක බිය නොවී සිය රාජකාරිය මවුබිම වෙනුවෙන් ඉටු කළේය.

නියෝමාල් රංගජීවගේ විශේෂත්වයක් තිබුනේය. එනම් ඔහු අත්අඩංගුවට ගත්තේ කුඩු මිලිග්‍රැම් ගණනින් තබා ගෙන සිටි පුද්ගලයන් නොව කුඩු කිලෝ ග්‍රැම් ගණනින් ගබඩා කර ගෙන සිටි අපරාධකරුවන් ය. එම නිසාම ඔහුට සතුරන්ද බහුල විය.

මුදල් බලය සහ දේශපාලන හයිය නිසා කිසිදිනෙක කොටුකරගත නොහැකි යැයි කියූ කුඩු රජු වෙලේ සුදා අත්අඩංගුවට ගෙන කුදලාගෙනවිත් පොලිස් හිර කූඩුවට දැමීමට පවා නිර්භීත වූයේ නියෝමාල් රංගජීවයි. ඒ 2008 වසරේ දෙසැම්බර් මස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද දැනුවත් කර සිදු කළ මෙහෙයුමකිනි.

මේ අතරේ ඉකුත් 2011 වසරේ ගල්කිස්සේ වැටලීමෙන් බන්ධනාගාරගත කෙරුණු වෙලේ සුදා අධිකරණ ඇප මත නිදහස්ව පැමිණුනි. එසේ පැමිණ රටින් පැන ගත්තේය. පාකිස්ථානයේදී අල්ලා ගත් පසුව, මෙරටට පිටුවහල් කෙරුණු පසු යළිත් වෙලේ සුදා හිරේ ගියේය.

බන්ධනාගාරයේ සිට වුවද වෙලේ සුදා තමන්ගේ කුඩු වෙළෙඳාම නතර නොකළේය. ශ‍්‍රී ලංකාවට ආනයනය කරන හෙරොයින් තොගවලින් කොටසක් අලෙවි කිරීමේ කාර්යය සිය විශ්වාසවන්ත සගයන් වූ කුමාර්, සන්දීප් සහ සලීම් වෙත සුදා විසින් පවරා තිබුණි. හැව්ලොක් පෙදෙසේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් මාසික කුලී පදනම මත නිවසක් වෙන් කර ගත් මේ පිරිස අල්ලා ගන්නේ ද රංගජීව විසින්ය.

රංගජීව සිදු කළ කුඩු මෙහෙයුම් නිසා දැනට මේ රට වැනසූ මත්කුඩු ජාවාරම්කරුවන් 43 දෙනකු මරණීය දණ්ඩනය හා ජීවිතාන්ත සිර දඬුවම්වලට යටත්ව වැලිකඩ බන්ධනාගාරයේ සිරබත් කන්නේය. එසේම රංගජීව කළ මෙහෙයුම් අනුව ඔහු විසින් කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් පසුව දැනට මහාධිකරණ හමුවේ නඩු 200 ක් පමණ විභාග වෙමින් ඇත.

ඔහු සිදු කළ අත්අඩංගුවට ගැනීම් හමුවේ පසුගිය කාලයේ රට තුළට මත්කුඩු කන්ටේනර් ගණනින් ගෙන්වූ සහ නැව් මගින් කුඩු ජාවාරම මෙහෙයවූ මහ මොළකරුවන් කිහිපදෙනකුද මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටිනේය. වසර කිහිපයකට පෙර දකුණු මුහුදු තීරයේ දී හෙරොයින් කිලෝ 111ක් සමග විදේශිකයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගත් මෙහෙයුම ක‍්‍රියාත්මක කළේ ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවගේ නායකත්වය යටතේය.

පාතාලයට කිසිලෙසකින් බිය නොවූ නියෝමාල් රංගජීව, පාතාලය සමග හැප්පුනේ කුඩා පාතාලයන් සමග නොව පාතාලයේ ගොඩ් ෆාදර් මාකඳුරේ මදූෂ් සමගය. දිගින් දිගටම මදූෂ් විසින් සිදු කරන කුඩු ජාවාරම නවතමින් එම කුඩු අත්අඩංගුවට ගැනීම නිසා මදූෂ් නියෝමාල් සමග දැඩි ලෙස කෝප වී සිටියේය. නියෝමාල් රංගජීව ඝාතනය කළ පසු සිය කුඩු ජාවාරම නිදහසේ කර ගෙන යා හැකි බව දන්නා නිසා මදුෂ් නියෝමාල් රංගජීව ඝාතනය කිරීමට තීරණය කළේය. මදුෂ්ගේ සැලසුමට අනුව පිළියන්දලදී කුඩු පාතාලයන් නියෝමාල් රංගජීවට වෙඩි තැබුවේය. එම ප්‍රහාරයෙන් මාරාන්තික තුවාල ලබා මාස කිහිපයක් රෝහල් ඇඳක වැතිරී ජීවිතයත් මරණයත් අතර සටනක් කර යළි ජීවිතය දිනා ගන්නට නියෝමාල් රංගජීවට හැකි විය.

මත් කුඩු ජාවාරම්කරුවන් දිගින් දිගටම කොටු කිරීම නිසා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විස්වාසයද දිනූ නියෝමාල් රංගජීව පසුගිය මාර්තු 29 වැනිදා අත්අඩංගුවට ගත්තේ රටේම ආන්දෝලනයක් ඇති කළේය. ඒ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම පිළිබද චෝදනාවක් සම්බන්ධයෙනි.

කෙසේ වෙතත් නියෝමාල් රංගජීව අත්අඩංගුවට ගැනීම පසුපස කුඩු ජාවාරම්කරුවන් සහ කුඩු ජාවාරමේ නිරත දේශපාලකයන් කිහිප දෙනෙක් සිටින බවට නියෝමාල් රංගජීවගෙන් චෝදනාවක් එල්ල විය. ව්‍යාජ වාර්තා සකසා තමන් අත්අඩංගුවට ගත්තේ කුඩු ජාවාරම්කරුවන්ගේ සැලසුමකට බවද ඔහු කිවේය.

එක් දිනක් අධිකරණයේ සිට යළිත් බන්ධනාගාරය වෙත ඔහු රැගෙන යන අතරේ බන්ධනාගාර බසයේ සිට ඔහු කෑ ගසා සිය කතාව මාධ්‍යයට ප‍්‍රකාශ කරන්නට විය.

”ජනාධිපතිතුමාට මේක කියලා මාස හයක් වෙනවා. කුඩුකාරයෝ එකතුවෙලා මාව ඇතුළට දැම්මේ කියන්න… නඩු හැටක් තියෙනවා කියන්න මට. (මෙයින් ඔහු අදහස් කරන්නේ තමන් විසින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු හැටක් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින බවය.) ඒවා මොකක්වත් හිතන්නේ නැතිව, බොරු වාර්තා දදා මාව රිමාන්ඞ් කරන්න කියනවා.. ජනාධිපතිතුමාට කියන්න, අපි ගැනත් බලන්න කියලා. අපි මිනී මරලා නැහැ. අපි ත‍්‍රස්තවාදීන් නෙවෙයි. අපි බැංකු කඩලා නැහ. අපි රට වෙනුවෙන් වැඩ කරපු රජයේ සේවකයෝ. අපි ගැන බලන්න කවුරුත් නැහැ කියලා ජනාධිපතිතුමාට කියන්න. පුළුවන් නම් එතුමාගේ කාට හරි එන්න කියන්න. අපි එක්ක කතා කරන්න, රිමාන්ඞ් එකට. අපි පෙන්වන්නම් අපේ නිර්දෝෂීබව. දාලා තියෙන්නේ බොරු රිපෝට්. මේ ඔක්කොම එවුන් ටික.” මත්කුඩු ජාවාරම්කරුවන් අසරණ කළ ඒ නිළධාරියා ආවේගශීලිව සිය කතාව රටට කීවේ එලෙසිනි.

අවසානයේදී නියෝමාල් රංගජීවට ඇප ලැබි තිබේ. නියෝමාල් රංගජීව නැවතත් පොලිස් සේවයට වාර්තා කළහොත් එය රටේ මහජනතාවට සැමරීමට පවා වටිනා අවස්තාවක් වන නමුද කුඩුජාවාරම්කරුවන්ට සහ පාතාලයන්ට නම් අසුභ පුවතක් වනු ඇත.
———————- සටහන නෙත් ගොසිප්————

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *