කාටද මතක මේ දුවව ? මේ දියණිය විභාගය ඉහලින්ම සමත් අපි මේ දුවට සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරමු

Loading...

වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිය පියාගේ නිසල දේහය නිවසේ තැන්පත්කර තිබියදී පසුගිය අගෝස්තු මස (05) දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි දැරියක් පිළිබද පුවතක් අම්පාර, දමන, මරියකන්ද ප්‍රදේශයෙන් වාර්තා වුනා ඔබට මතක ඇති.

එදා පෙරවරුවේ මවට වැඳ ආශිර්වාද ගෙන පියාට වදින ගාථව කියමින් පියාගේ දේහයට වැඳ විභාගයට පෙනි සිටිමට ගිය කුඩා දියණිය මහානාගපුර විදුහලේ විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට පන්නල්ගම මහ විදුහලේ විදුහල්පතිනිය කාරුණික වී ඇති බව සඳහන් වුනා.

රාත්‍රියේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.මෙලෙස ජීවිතක්ෂයට පත්වුනේ අරුණ ශාන්ත නැමැති 37 හැවිරිදි තිදරු පියෙක් .

කෙසේ නමුදු අද දින ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වුනා.එහිදී අපට දැනගන්නට ලැබුනේ මේ දියණිය විභාගය ඉහලින්ම සමත් බවයි.ආදරණිය දියණියනි ඔබේ අනාගත සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *