ආචාර්ය දෙවනේසන් නේසයියා සිය දේශමාන්‍ය නම්බුනාමය ජනාධිපති වෙත ආපසු යවයි !

Loading...

දෙස් විදෙස් කීර්තිධරයකු වන ආචාර්ය දේවනේසන් නේසයියා මහතා, ජනාධිපති සිරිසේන අතින් ලැබූ දේශමාන්‍ය සහතිකය ආපසු හරවා ඒවා ඇති බව වාර්තා වේ. ඔහුගේ ලිපියේ පරිවර්තනය පහත පරිදි වේ. ඉංග්‍රීසි ලිපිය මෙතැනින් කියවන්න.

ගරු මෛත්‍රීපාල සිරිසේන,
ජනාධිපති,
ශ්‍රී ලංකාව.

අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකාවේ ගෞරවාන්විත පුරවැසියකු ලෙස 2017 වසරේ මාර්තු මාසයේදී ඔබ අතින් “දේශමාන්‍ය” නම්බුනාමය ලැබීම පිළිබඳව මම සතුටු වූයෙමි. මහාද්වීප තුනක වාසය කරන මගේ දරුවෝ, මුණුපුරෝ, අනෙකුත් ඥාතීහු සහ හිතමිතුරෝ, ජාතියට මා දැක්වූ සේවය ජනාධිපතිවරයා අතින් අගැයුණු මේ විශේෂ අවස්ථාව සැමරීමට එක්වූ හ.

මා ඔබව පුද්ගලිකව නොදන්නා තරම් ය. එහෙත් ඔබ ජනාධිපති වූ බව ඇසූ විට මාත්, මගේ ඥාතීනුත්, මිතුරනුත් සතුටු වූ හ. එහෙත් ඔබ විසින් වසර 70ක් පැරණි ප්‍රජාතන්ත්‍රවාදය පසුගිය සති කීපය තුළ අමු අමුවේම උල්ලංඝණය කර විනාශ කර දැමීමත් සමග, ඒ සතුට සහමුලින්ම නැති වී ගියේ ය.

ලංකාවේ යටත්වැසි දේශප්‍රේමී පුරවැසියකු ලෙස මේ අවස්ථාවේදී වෙන විකල්පයක් මා සතුව නැත. එබැවින් ඔබ විසින් මට ලබාදෙන ලද දේශමාන්‍ය පදක්කම ආපසු ඔබ වෙත භාරදීමට කල්පනා කළෙමි. වර්තමානයේ විදෙස්ගතව ඉන්නා බැවින් දැන් එය කිරීම අපහසු ය. එහෙත් හැකි ඉක්මනින් එකී සහතිකය සහ පදක්කම ඔබට ලැබීමට සලස්වමි.

ගරු ජනපතිතුමනි, මෙය සැහැල්ලුවෙන් හෝ හදිසියේ හෝ ගන්නා ලද තීරණයක් නොවේ. පසුගිය වසර 60 පුරාම මගේ හෘදය සාක්ෂියට අනුකූලව කටයුතු කිරීම, සිලෝන් සිවිල් සේවයේ කැඩෙට්වරයකු ලෙස සේවය ඇරැඹු දින පටන් මා සතුටෙන් දැරූ බරකි. සිවිල් සේවයේ මගේ දීර්ඝ සේවා කාලය, එජාප සහ ශ්‍රීලනිප පක්ෂ දෙක යටතේම මගේ වටිනාකම් පාවාදීමට එකඟ නොවීම නොවීම නිසා බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය.

දේශමාන්‍ය යනු දේශයට මානයක් (ආඩම්බරයක්) යන්නයි. මේ මොහොතේ මගේ දේශය ගැන ආඩම්බර වීමට මට හැකියාවක් නැත. එබැවින් කරුණාකර මේ පදක්කම සහ සහතිකය භාරගන්න.

මීට,
ආචාර්ය දේවනේසන් නේසයියා.

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *