අධිකරණයෙන් නිදහස ලැබූ දමිත් අසංක මාධ්‍ය වේදියෙකුට කිව්ව දේ මෙන්න

Loading...

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි ගායන ශිල්පී දමිත් අසංක රුපියල් ලක්‍ෂ එකහමාර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා අද (09දා) නියෝග කරන ලදී.මීට අමතරව ඔහු මහේස්ත්‍රාත්වරයා විසින් නම් කරන ලද මානසික වෛද්‍යවරුන් දෙදෙනෙකු වෙත ඉදිරිපත් කර, එම වෛද්‍යවරුන් දෙදෙනාගේ වෛද්‍ය වාර්තාවන් නඩුව නැවත කැඳවන නොවැම්බර් මස 13 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුගේ ඥාතීන්ට දන්වන ලදී.කුඩාඔය පොලිසිය විසින් පසුගිය සැප්තැම්බර් 27 වෙනිදා ගායක දමිත් අසංක අත්අඩංගුවට ගනු ලැබුවේ සිය බිරිදගේ නිවස අසලදී කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් මුල්කර ගනිමින්

මේ අතර දමිත් අසංක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් වරදක් නොකර ඇති බවත් මාධ්‍ය පවසන ආකාරයට ඔහුට කිසිම මානසික රෝගයක් නොමැති බවත් පසුගියදා ඔහුගේ මව ප්‍රකාශ කළා.එසේම දමිත් අසංක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බොහෝ කළාකරුවන්ද සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණා.

දමිත් අසංකව දැක බලා ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණ භූමිය ආසන්නයේ ඔහුගේ ගම වන ඇතිලිවැව ප්‍රදේශයේ තරුණයින් හා රසිකයින් සියගණනක් රැඳී සිටින අයුරු දක්නට ලැබුණු අතර, ඔහු එළියට පැමිණි වහා ඔහු උණුසුම් ආකාරයෙන් පිළිගන්නා අයුරු දක්නට ලැබුණි..

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *